153
ලෝකේශ්වර රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1210 - ක්‍රිව 1211

ලෝකේශ්වර රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : ලෝකේශ්වර රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1210 - ක්‍රිව 1211
මුලින්ම පැහැදිලි කර දී ඇති පරදි අනීකංග රජුගෙන් පසු සිහසුනට පත්වූයේ ලීලාවතී බිසොවය. ඒ ගැන විස්තර ලීලාවතී මහ රැජින යටතේ දැක්වෙයි. ඇයගේ දෙවන රාජ්‍ය කාලයෙන් පසු රජකමට ලබාගත් ලෝකේශ්වර රජු ගැන දැන් විස්තර කෙරේ. ලෝකේශ්වර මහා දෙමළ සේනාවක් ගෙන මෙහි පැමිණ ලීලාවතී රැජින රජයෙන් පහකර සිහසුන අල්ලාගත්තේය. ඔහු මුළු දිවයින ස්ව වසඟයට පත්කළ බවද? ආයුධ පහරක් වැදීමෙන් අංශයක් බිඳුණු නැතැත්තෙකු බවද මහාවංසය දක්වයි. පූජාවලිය ආදී ග්‍රන්ථ වලද මේ නාමය වංසකථාවට එකඟව සඳහන් වී තිබේ. ලෝකේශ්වර කාලිංග වංශිකයෙකු බවට සැක නැත. ඔහු සොලීන් සමඟ ගැටුණු නිසා ඔහු ගෙන ආ සේනාව දෙමළ විය නොහැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි.
ලෝකේශ්වර රජු ගැන වංසකථාවලින් නොදැක්වෙන සමහර තොරතුරු ඔහුගේ කාලයට අයත් සෙල්ලිපියකින් අනාවරණය වෙයි. එයින් කියවෙන පරිදි ඔහු හඳුන්වා ඇත්තේ. "කාලිංග කුල තිලකාය මාන වූ සිරිසඟබෝ ලෝකේශ්වර බාහු චක්‍රවර්තී '' යනුවෙනි. මේ නිසා ඔහු කාලිංග වංසයට අයත් වූවකු බවත්, සිරිසඟබෝ යන බෞද්ධ ගෞරව නාමය භාවිත කළ බවත් පැහැදිළි වෙයි. තමාට සොලීන් සාධා දුන් දස්කමට ලෝකේ අරක්මේනාවන්ට ඉඩ කඩම් දීමනාවක තොරතුරු ලිපියේ අඩංගු වෙයි. ඉහත සඳහන් කරුණු අනුව ලෝකේශ්වර රජුට සොලීන් සමඟ සටනක් කරන්නට සිදු වූ බව පෙනේ. එහෙත් එබඳු සටනක් ගැන වංසකථාවල නොදැක් වේ. මේ පිළිබඳ අනුමාන වශයෙන් අදහස් දැක්වීමට සිදුව ඇත්තේ ඒ නිසාය. රා.ව.1178-1216 අතර කාලය තුළ සොලී දේශය පාලනය කරන ලද්දේ තුන්වන කුලොත්තුංග රජු විසිනි. පළමුවන විජයබාහුගෙන් ලත්පරාජය නිසා ලංකාව ආක්‍රමණය කිරීමට සොලී පාලකයන් එක එල්ලේ ක්‍රියාත්මක නොවුවද ආක්‍රමණික කුමාරවරුන් සඳහා සහාය සැපයීමට පසුබට නොවන්නට ඇතැයි සිතිය හැකිය. පළමුවන පරාක්‍රමබාහු රජතුමාද සොලීන්ට දුන් ප්‍රහාර නිසාද සොලීන් ලංකාව ගැන තිබූ කල්පනාව තරමක් අඩු කර ගන්නට ඇත. එහෙත් තුන්වන කුලොත්තුංග රජු තමාගේ පාදය ලංකා රජුගේ ඔටුන්න මත තැබූ බව ඔහුගේ ශිලාලිපිවලින් කියා සිටී. මෙය අතිශයෝක්තියක් මිස යථාර්ථය නොවේ. සමහර විට අනිකංග ගෙනා සොලී සේනාව ඔහු විසින් ලබාදෙන ලද්දකැයි කල්පනා කළ හැකිය. එසේම අනීකංගගේ සෙන්පතියා වූ චමුනක්ක අතින්ම ඔහු ඝාතනය විය. ලෝකේශ්වර සටන් කරන්නට ඇත්තේ මේ සොලී බල ඇණිය සමගින් බව සිතිය හැකිය. මුලින් කී පරිදි එම සටනින් ජයගත් ඔහු තමාට ජයඅත්කරදීමට දස්කම් පෑ ලෝකේ අර මෙනාවන්ට සැළකිලි දැක්වීම මේ ලිපියෙන් වාර්තා කර තිබේ. කෙසේ වුවත් ඔහුටද රාජ්‍යය තුළ ස්ථාවර බවක් නොවීය. ලෝකේශ්වරගේ රාජ්‍ය කාලය දින දාහතකට සීමා විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි