තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
3
අභය රජතුමා
උපතිස්ස නුවර රාජධානිය
ක්‍රිපූ 474 - ක්‍රිපූ 454
අභය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Abhaya රාජ්‍ය නාමය : අභය රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : උපතිස්ස නුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 474 - ක්‍රිපූ 454

පඬුවස්දෙව් රජුගේ අභාවයෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වූ අභය කුමාරයා ය. ඔහුගේ අන්‍ය සහෝදර කුමාරවරුන් ද මෙය අනුමත කළ බව පෙනේ.උන්මාදචිත්‍රාට ලැබුණු පණ්ඩුකාභය කුමාරයාගේ වර්ධනය හා අවශ්‍ය ආරක්‍ෂාව ද සැලසුනේ මේ රජුගේ සහායයෙනි. එහෙත් ඔහුගේ සෙසු සහෝදරයෝ එයට දඩි සේ විරුද්ධ වූහ. වරක් පණ්ඩුකාභය කුමරුට මාවැලිගඟින් මෙතෙර නොඑන ලෙසත්, ගඟින් එතෙර අනුභව කරන ලෙසත් දන්වා අභය රජු විසින් හස්නක් යවන ලදී. ඒ බව දැනගත් සෙසු කුමාරවරු අභය රජු මරණ බවට තර්ජනය කළහ. මේ නිසා ඔහු රජය ඔවුන්ට භාර දී සිහසුනෙන් ඉවත් වූයේ ය. සෙසු කුමාරවරු එක්ව දෙවන සහෝදරයා වූ තිස්ස කුමාරයා රජකමට පත් කළේය. අභය රජුගේ රාජ්‍ය කාලයේ සිදු වූ සිද්ධි ලෙසදක්වෙන්නේපණ්ඩුකාභය චරිතයේ දිග හැරිම් පමණකි. තව දුරටත් ජනාවාශ පුළුල් වෙමින් පැවතුණු අතර ඒ ජනපද එක්කර මහා රාජ්‍යයක් බිහිකිරීමේ අරගලයට මුල පිරෙමින් තිබිණ. විජය රජුගේ සිට වංසකථාව රජවරුන්ට මහාරාජ පදවිය පිරිනමා තිබුණ මේ යුගයේ එබඳු මහා රාජ්‍යයක් ගොඩනැගී නොතිබුණි. ප්‍රබල ජනපදයක නායකයකු මහාසම්මතයෙන් රජු ලෙස පත්කර ගත් බව පෙනී යයි. අභය රජුගේ පාලන කාලය විසි වසකට සීමා විය. තිස්ස රජුගේ අරාජක කාලය (89-106 / 454-437) වරිෂ දහහතක් විය.

පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්