85
දාඨාපභූති රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 535 - ක්‍රිව 535

දාඨාපභූති රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : දාඨාපභූති රජතුමා
රාජවංශය : දෙවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 535 - ක්‍රිව 535
සිලාකාල රජුගෙන් පසු රජකමට පත්වූයේ දාඨාපභූති කුමාරයාය. මේ රජු දාපුලුසෙන් හා පළමුවන දප්පුල නමින් රාජාවලියෙහි ද දාපුලුසෙන් නමින් පූජාවලිය හා නිකායසංග්‍රහයෙහි ද සඳහන් වේ. නීත්‍යනුකූලව රජය හිමිවිය යුතු වුයේ පාචීන දේශයේ භාරව සිටි වැඩිමහලු මුගලන් කුමරුටය. එහෙත් පියරජු
මියගිය බව දැනගත් දාඨාපභූති කුමාරයා මලයරට සිට පැමිණ බලයෙන් සිහසුනට පත් විය. රජය හිමි ඔබට නොවේ යැ යි යුක්තිය කථාකළ බාල සහෝදරයා වූ උපතිස්ස කුමරු ද මරණයට පත් කළේය. මෙය මහත් කැළඹිල්ලක් ඇති වීමට හේතු විය. මේ සියල්ල දැනගත් පාවීත දේශයේ සිටි මුගලන් කුමාරයා සිය උරුමය රැකගැනීමට හා යුක්තිය පසිඳලීමට ද ඉදිරිපත් විය. මෙහිදී බලවත් ගැටුමක් හටගත්තේය. මුගලන් කුමරු බලසෙනඟ ගෙන ගොස් රෙහෙර කන්දේ කඳවුරු බැන්දේය. දාඨපභූති රජු ද බලසෙනග ගෙන ඉදිරියට් ගියේ කිරිදිගල නම් තැන කඳවුරු බැන්දේය. මේ ස්ථාන නියත වශයෙන් අද හඳුනාගෙන නැත. එහෙත් කිරිඳිගල මිහින්තලයෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි වර්තමාන මහකිරිඳිගම නමින් හැඳින්වෙත පෙදෙස විය හැකිය.
මුහුණට මුහුණලා සිටි මුගලත් කුමරු තෙමේ දාඨාපභූතිට කදිම යෝජනාවක් ඉදිරිපත් කළේය. සටන ඇත්තේ අප දෙදෙනා අතරය. මහජනයා අතර නොවේ. එබැවින් මහජනතාවට පීඩා නොකර අප දෙදෙනා අතර පමණක් සටන වේවා. මෙය වැදගත් ආදර්ශයකි. තම තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව බිල්ලට දෙන සියලු නායකයින්ට මෙය කදිම ඉතිහාස පාඩමකි. රාජ්‍ය උරුමය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකිරිමේ අගතිගාමී, බලලෝභී ක්‍රියාවක දාඨාපභූති කුමරු යෙදීම මේ සහෝදර ගැටුමට හේතු විය! දාඨාපභූති ද යෝජනාවට විය. සිදු වූයේ ඉතා බිහිසුණු සටනකි. පංචායුධ බඳිනා ලද ඇතුන් පිට නැගුණු දෙදෙනාගේ ගැටුම් හෙණහඬ මෙනැ යි ද දළ ගැටුමින් නැගුණු ගිනි පුලිගු විදුලිය මෙනැ යි ද මහාවංසය මේ අවස්ථාව කදිමට වාර්තා කරයි. දාඨාපභූතිගේ ඇතු කුමරුගේ ඇතුගේ දළින් ඇමිණි ලෙහෙයින් නැහැවී ගියේ සැදෑවලා මෙන් වී යැ යි කාව්‍යමය වැණුමක් මහාවංසයට එක් විය. ජයගත නොහැකි බව දැනගත් දාඨාපභූති රජු සියදිවි හානිකරගත්තේ මුගලන් කුමරු එසේ නොකරන ලෙස වඳිමින් අයැද සිටිද්දීය. සටන අවසන් විය. දාඨාපතිභූතිගේ රාජ්‍ය කාලය මසකුත් එක් දිනකට සීමාවිය. යුක්තිය නොසලකා රාජ්‍ය ලෝභය හා දැඩි බලකාමයෙන් යුක්තව ක්‍රියා කිරීමට යාමෙන් එඩිතර පුද්ගලයකු වූ දාඨාපභූති කුමරුගේ ජීවිතය අකාලයේ විනාශ විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි