17
තුලත්ථන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 119 - ක්‍රිපූ 119

තුලත්ථන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : තුලත්ථන රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 119 - ක්‍රිපූ 119
සද්ධාතිස්ස රජුගේ අභාවයෙන් පසු රජකමට පත් වූයේ ථුලත්ථන කුමාරයා ය. ඔහු තම පියා දීඝවාපියේ සිට අනුරාධපුරයට එද්දී ඒ සමඟ පැමිණියේ ය. මේ පිළිබඳ කදිම වූ ද, ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා වූ ද විස්තරයක් මහාවංස ටීකාවෙහි දැක්වෙයි.
"ථූලත්ථන කුමරු රුහුණු දනව්වෙහි සිටිය දී කන්දර නම් විහාරය කරවා රාජකීය පරිත්‍යාගයක් හැටියට එහි සංඝපරිභොගය කරනු සඳහා අවසර ලබාගනු පිණිස දුටුගැමුණු මහරජු වෙත යාමට අදහස් කර සිටියේ ය. ඒ අතර රජු රෝගාතුර වූ බැවින් සද්ධාතිස්ස කුමරුට අනුරාධපුරයට පැමිණෙන ලෙස හසුන්පත් යැවිණ. තම අදහස ඉටුකර ගැනීම පිණිසම ථුලත්ථන කුමරු පියා සමග අනුරාධපුරයට මේ අනුව පැමිණියේ ය. සිය කටයුතු නිමාවට පත් වුව ද මහලු පියාගේ අභාවය සිදුවී සිය පියා අභිෂේක ලත් බැවින් ආපසු රෝහණයට නොපැමිණ අනුරාධපුරයෙහි ම විසීය'' යනුවෙන් එහි දැක්වෙයි.
රාජ පුත්‍රයකු වුව ද කරන පූජාව රජුගේ අනුමැතියෙන් කිරීමෙන් පමණක් එය රාජකීය පරිභොගයක් වන නියාමය මෙයින් පැහැදිලි කරන අතර ඵුලත්ථන කුමරු අනුරාධපුරයට පැමිණීමේ හේතුව ද පැහැදිලි වෙයි.
සද්ධාතිස්ස රජු අභාවයට පත්වන විට ථුලත්ථන කුමරු මහා සංඝයාගේ හා අමාත්‍ය මණ්ඩලයේ සිත් දිනාගෙන සිටියේ ය. නිසා සියලු දෙනාගේ ම සම්මුතියෙන් ඔහු රජකමට පත් කරන ලදී. සද්ධාතිස්ස රජු මහලු වයසේ සිටිය දී ථුලත්ථන කුමරුට රජුගේ කටයුතු තරමක් දුරට හෝ පැවරී තිබෙන්නට ඇත.
ඉහත කී සම්මුතිය කෙසේ වුවත් මෙය සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක් හැටියට සලකා ඇත. මේ යුගයේ රාජ්‍ය උරුමය හිමි වූයේ සහෝදරයාගෙන් සහෝදරයාට ය. සහෝදර පිරිසක් වී නම් අන්තිම සහෝදරයාගෙන් පසු වැඩිමහල් සහෝදරයාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට රජකම හිමි විය. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා වූයේ ලජ්ජිතිස්ස කුමරු ය. මේ වන විට ඔහු රෝහණයේ සිටියේ ය. ලජ්ජිතිස්ස කුමරු සිටිය දී ථුලත්ථන කුමරුට රාජ්‍යය පැවරීම, අනවශ්‍ය ගැටුමකට හේතු විය. මෙහි දී මහා සංඝයා හා ඇමතිවරුන් මේ තීරණය ගන්නා ලද්දේ මන් ද? යන ප්‍රශ්නයට පිළිතුරක් මහාවංස පාඨයෙහි ගැබ් වී ඇත. එනම් "රට්ඨස්ස රක්ඛනත්ථං" (රට රැකීම පිණිස) යන යෙදුමයි. රජුගේ අභාවය සමග රටෙහි කිසියම් වියවුලක් ඇතිවිය හැකි බැවින් සුදුස්සකු රජකමට පත් කොට රජුගේ අභාවය ප්‍රකාශ කිරීම චාරිත්‍රය විය. මෙහි දී සිදුවන්නට ඇත්තේ ථූලත්ථන කුමරු තාවකාලිකව කිසිවකුට රජය පැහැර ගත නොහෙනු සඳහා සාමය උදෙසා පත්කර ගැනීමක් විය යුතු ය. ''රට රැකීම පිණිස" යන යෙදුමේ සමහර විට මීට වඩා ගැඹුරක් තිබිය හැකි ය. රාජ්‍යය ලබා ගැනීම පිණිස වෙනත් කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් තිබුණා විය හැකි ය. මතු විස්තර වන බල්ලාටනාග රජුගේ භින්න මාතෘක මුහුණකගේ පුත්‍රයන් විසින් කරන ලද කුමන්ත්‍රණයේ මූලය සද්ධාතිස්ස රජු අභාවයට පත්වන විට හටගෙන තිබුණා වන්නට ද පුලුවන.
කෙසේ වෙතත් මේ පිළිබඳව කිසිදු විමසීමක් සිදු නොකළ දෙටු සහෝදරයා වූ ලජ්ජිතිස්ස කුමරු තම කනිටු සහෝදරයා රජ වූ බව දැනගත්තේ, වහා පැමිණ තම උරුමය ලබා ගැනීම සඳහා ක්‍රියා කළේ ය. මේ නිසා ථූලත්ථන රජුගේ රාජ්‍ය කාලය මසකුත් දින දහයකින් අවසන් විය.
මේ රජුගේ නාමය වූ ථූලත්ථන (ථුල ථන) වචනය ද වැදගත් අර්ථයක් නැත්තකි. තුල්තන් යනුවෙන් සිංහල ලේඛනවල මෙය සඳහන් වෙයි. මහ තනයක් ඇත්තා (මහතනයා) යන මේ විහිළු නම මේ රජුට ජීවමාන සමයෙහි යෙදුනේ යැ යි සැලකිය නොහැකි ය. සමහර විට එය ප්‍රාකෘත සිංහල භාෂාවේ වූ වෙනත් අරුත් දෙන නමක් තවත් ලෙසකින් පෙළබසට නැගුනා විය හැකි ය.
ථූලත්ථන රජු රෝහණයෙහි සිටිය දී කන්දර විහාරය කර වූ බව මුලින් සඳහන් කර ඇත. මේ පූජනීය ස්ථානය මෙතෙක් හඳුනා ගෙන නැත. ඔහු විසින් කරන ලද වෙනත් කාර්‍ය්‍යයක් ගැන සඳහන් වී ද නැත.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි