194
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1798 - ක්‍රිව 1815

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
රාජවංශය : නායක්කාර
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1798 - ක්‍රිව 1815
රාජාධි රාජසිංහ මහරජුගේ ඇවෑමෙන් රජකම හිමිවීමට තිබුණේ අගබිසවගේ සහෝදරයා වූ මුත්තුසාමි කුමාරයාට ය. නමුත් උඩරට රදළ බලය කෙතරම් වීද යත් රාජාධි රාජසිංහ මහරජුගේ දෙවන බිසව වූ උපෙන්ද්‍රා අම්මාල් දේවියගේ සහෝදරියගේ පුත්‍රයා වූ කන්නසාමි කුමාරයාට රජකම ලබා දීමට පිළිමතලව්වේ අදිකාරම් ඇතුළු පිරිසට හැකියාව ලැබු‚. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක ලද්දේ ය.
තමන්ගේ බසට අවනත වීමේ පොරොන්දුව මත රජකම ලබා දුන්න ද එය ඒ අකාරයෙන් ම ඉටු නොවීම නිසා මහරජු හා රදළයන් අතර ගැටුම් වර්ධනය විය. ක්‍රි.ව. 1803 දී බි්‍රතාන්‍ය හමුදා සමග මුත්තුසාමි කුමරුට රජකම ලබා දීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මහරජු විසින් මුත්තුසාමි කුමාරයා මරණයට පත්කරන ලදී. පසුව පිළිමතලව්වේ අදිකාරම් දියත්කළ කැරැල්ල ද අසාර්ථක වීමෙන් පසු ව පිළිමතලව්වේ අදිකාරම්ගේ ද හිස ගසා දමන ලදී. මින් අනතුරුව ඇහැලේපොළ නිලමේ ද කැරැල්ලක් දියත්කළ නමුත් එයද අසාර්ථක වීමෙන් ඔහු ඉංග්‍රීසීන් වෙත පලාගිය අතර ඒ වෙනුවෙන් ඔහුගේ දේවියට හා දරුවන් දෙදෙනාට වන්දි ගෙවීමට සිදුවිය.
රදළයන්ගේ හා මහරජුගේ ගැටුම් උත්සන්න වීමේ ප්‍රථීපලයක් ලෙස නැවත කිසිදා නොනැගිටින පරිදි ක්‍රි.ව. 1815 දී බි්‍රිතාන්‍යන්ට යටත් විජිතයක් වීමට සිදුවිය. ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 දින ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජු සිරභාරයට පත්වීමෙන් පසුව ක්‍රි.ව. 1815 මාර්තු 2 වන දින උඩරට මගුල් මඩුවේ දී ඇතිකරගත් ගිවිසුමකින් සිංහල රාජාණ්ඩුව අවසන් වී බි්‍රතාන්‍ය පාලනයට උඩරට යටත් විය.
ක්‍රි.ව. 1816 ජනවාරි මස 24 වන දින මදුරාසියේ වෙල්ලෝරය බලා ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකු ලෙස දිවයිනෙන් පිටත් කළ එතුමා උදරාබාධයක් හේතුවෙන් ක්‍රි.ව. 1832 ජනවාරි මස 31 වන දින මරණයට පත්විය. ඉතාමත් සාමකාමී ගති පැවතුම් වලින් හෙබි ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජු අවසාන කාලය වනවිට උඩරට ජනතාව ම වෛර කිරීමට තරම් පෙළඹුනේ මෙම බල උන්මාදය යි. ලංකා ද්වීපයේ අවසන් රජ පෙළපත වූ නායක්කාර වංශයේ අවසාන මහරජු මෙන්ම ක්‍රි.පූ. 543 විජය රජුගෙන් ආරම්භ වූ මාතෘභූමියේ රාජවංශය ද ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 දින අවසන් විය.
ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව