තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
171
2 වන වීරබාහු රජතුමා
ගම්පොල රාජධානිය
ක්‍රිව 1391 - ක්‍රිව 1397
2 වන වීරබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Weerabahu II රාජ්‍ය නාමය : 2 වන වීරබාහු රජතුමා
රාජවංශය : අලකේශ්වර
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1391 - ක්‍රිව 1397

වීර අලකේශ්වර මහරජුගේ පිටුවේ සඳහන් කළ පරිදි තම සහෝදරයා වන වීර අලකේශ්වර පලවා හැර වීරබාහු කුමරු රජවිය. මොහු දෙවන වීරබාහු මහරජතුමා ලෙස හඳුනාගත හැකි ය. අනෙකුත් මුලාශ්‍රවල මෙම රජු පස්වන බුවනෙකබාහු මහරජුගේ මස්සිනා (සහෝදරියගේ ස්වාමියා) ලෙස හඳුන්වා දී ඇති නමුදු අස්ගිරිය තල්පතේ වීරබාහු ලෙස හඳුන්වනු ලබන්නේ එකොළොස්වන අලකේශ්වර රජුගේ සහෝදරයකු හා ජයසිරි බිසවගේ දෙවන සැමියෙකු වන දෙවමන්ත්‍රී හෙවත් දේවමන්ත්‍රීශ්වර ලෙස යි. මෙම තොරතුරු සඳහන් වන්නේ අස්ගිරිය තල්පතේ පම‚. ක්‍රි.ව. 1396 දී සංඝරාජ ජයබාහු දේවරක්ඛිත ධම්මකිත්ති හිමිගේ ප්‍රධානත්වයෙන් සංඝ සංශෝධනයක් පවත්වා තිබේ. මෙහිදී මහරජුගේ පුත් සසුන් ගත කළ බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. තව ද ක්‍රි.ව. 1396 න් නොබෝකලකට පසු ව වීරබාහු මහරජු, වීර අලකේශ්වර අල්ලා ගැනීමට කෝට්ටේට ගිය බව ද  ක්‍රි.ව. 1396 දී මහරජු මියගිය බවත් ඉන්පසු ව වීර අලකේශ්වර නැවත රජවනතුරු වීරබාහු මහරජුගේ පුතුන් වන විජය ඈපා සහ තුනසේයා පාලනය කළ බවත් සී.ඩබ්. නිකලස් හා සෙනරත් පරණවිතාන මහතා 1961 ප්‍රකාශයට පත්කළ A Concise History of Ceylon” ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්