තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
190
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1707 - ක්‍රිව 1739
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Sri Weera Parakrama Narendrasingha රාජ්‍ය නාමය : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
රාජවංශය : විමලධර්මසූරිය
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1707 - ක්‍රිව 1739

දෙවන විමලධර්මසූරිය මහරජුගේ මර‚න් පසු ව ඔහුගේ පුත්‍රයා වූ නරේන්ද්‍රසිංහ කුමරුවාට රාජ්‍යත්වය හිමිවිය. කන්ද උඩරට රජකම හිමිවන විට කුමරු වයස අවුරුදු 17ක් පමණ වන බව සඳහන්. මොහු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජු ලෙස හඳුනා ගත හැකි ය. මත්පැනට හා කාන්තාවන්ට ඉතාමත් ලොලී වූ නරේන්ද්‍රසිංහ මහරජු උඩරට ජනතාව අතර —සෙල්ලම් නිරිඳු˜ ලෙස ප්‍රචලිත වූ බව පැවසේ.  බොහෝ රදළයන් තම තමන්ගේ ප්‍රදේශවල ස්වයං පාලනයන් ගෙන ගියහ. මෙම මහරජුගේ කාලයේ ද ලන්දේසීන්ගෙන් උඩරට ප්‍රදේශ වලට බලපෑමක් එල්ල වූයේ නැත. රජු මරවා පට්ටිය බණ්ඩාර නම් අයෙකු රජ කිරීමට ඇතැම් ඇමතිවරු ක්‍රියා කළ ද රජු සහ රජුට හිතවත් ඇමතිවරු එය ව්‍යර්ථ කළේ ය. රජවාසල තුළත් රට තුළත් නායක්කාර         වංශිකයන් අනවශ්‍ය බලය පෙන්වීම, එම වංශිකයන්ගේ මානය හා මහරජු ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මෙම නොගැළපීමට හේතු ලෙස සැලකිය හැකිය. ක්‍රි.ව. 1739 දී මහරජු මියගිය අතර කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූරිය මහරජුගෙන් ආරම්භ වූ උඩරට සිංහල රාජ වංශය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජුගෙන් අවසන් විය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජු සිංහල රාජවංශයේ අවසාන සිංහල රජු වශයෙන් ද සැලකේ.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්