තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
176
7 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1478 - ක්‍රිව 1484
7 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Panditha Parakramabahu VII රාජ්‍ය නාමය : 7 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1478 - ක්‍රිව 1484

තම පිය රජු වූ හයවන බුවනෙකබාහු මහරජුගේ මරණයට පෙර ඔහු —සිංහල සංගය˜ මූලිකත්වය දැරූ සිරිවර්ධන පතිරාජයන් හා කූරගම හිමි සිරබාරයෙන් නිදහස් කොට තම පුතු වූ පණ්ඩිත පරාක්‍රමබාහු කුමරුගේ ආරක්ෂාව ඔවුනට බාර කළේ ය. පිය රජු මිය යනවිට කුමරු ළාබාල වියේ පසුවිය. එබැවින් කුමරුගේ මෑ‚යන් ඉහත සඳහන් කළ නායකයන් සමඟ සය මසක් රට පාලනය කළ බව සඳහන් වේ. අනතුරුව හයවන බුවනෙකබාහු මහරජුගේ පුතු රාජාභිෂේක කරන ලදී. ඉතාම කඩවසම් රූපයකට හිමිකම් කියන බව ඉතිහාස මුලාශ්‍රයන් විශේෂණය කර ඇත. පසු ව මෙම රජුට විරුද්ධ ව සේනාව රැගෙන පැමි‚ අම්බුළුගල කුමරු හා ඉහත කී   නායකයන් අතර දරුණු සටනකින් පසුව අම්බුළුගල කුමරු ජයගත්තේ ය. පසු ව ඔහු මාලිගාවට පැමිණ මහරජු මරාදමා රජවූ බව සඳහන් වේ. මෙම මහරජුගේ ආරාධනයෙන් —එළු අත්තනගලූ වංශය˜ ග්‍රන්ථය වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචනා කරන ලදී. ඒ හැරුණු කොට මෙම රජුගේ වෙනත් සේවාවන් පිළිබඳ ව සඳහන් නොවේ.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්