තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
120
3 වන දප්පුල රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 923 - ක්‍රිව 923
3 වන දප්පුල රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Dappula III රාජ්‍ය නාමය : 3 වන දප්පුල රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 923 - ක්‍රිව 923

පස්වන කාශ්‍යප රජුගෙන් පසු රජකමට පත්වූයේ දප්පුල නම් යුවරාජයාය. ඔහු මේ නමින් පෙනී සිටින තුන් වැන්නා වෙයි. මේ රජු කාගේ කවරෙක්ද යන බව මහාවංසයේ සඳහන් වී නැත. එහෙත් සෙල්ලිපි වලින් ලැබෙන සාධක අනුව ඔහු දෙවන සේන රජුගේම පුත්‍රයෙකු බවට හඳුනා ගත හැකි වේ. මීළඟට රජකමට පත්වන සිවුවන දප්පුල රජ දෙවන සේන රජුගේ පුත්‍රයෙකු බව සෙල්ලිපි අනුව පැහැදිලි වේ. මේ නිසා රජවීමේ පෙර සිරිත් පිළිවෙළ අනුව බලන විට තුන්වන දප්පුල රජ සිවුවන දප්පුල රජුගේ වැඩිමහල් සහෝදරයා ලෙස සැලකීමට පුළුවන. රජෙකුගෙන් පසුව ඊළඟට රජවන කුමාරයාගේ රජුට තිබූ නෑකම මහාවංසයෙහි සාමාන්‍යයෙන් සඳහන් කිරීම සිරිත වුව ද තෙවන දප්පුල රජුගේ සිට සිව්වන සේන රජු දක්වා ඥාති පිළිවෙළ දක්වීම, මහාවංසය අමතක කළ බව පෙනේ. මේ අඩුව සෙල්ලිපි හා වෙනත් ග්‍රන්ථවලින් පුරවා ගැනීමට සිදුවෙයි. දප්පුල රජු තවත් දප්පුල නම් කුමාරයෙකු උපරජ කමට පත් කළේය. මේ රජු මිරිසවැටී විහාරයට ගමක් දීම හැර වෙනත් වැඩක් කළ බව නොපෙනේ. එයට කාලයක් ද ඔහුට නොවීය. පූර්ව වාර්තා අනුව කටයුතු කළ බව මහාවංසය පවසයි. ඔහුගේ යුගයට අයත් වන සෙල්ලිපි ආදිය ද හමු වී නැත. තුන්වැනි දප්පුල රජු රජකම් කළේ සත්මසකි. ඔහු මරණයට පත් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්