තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
169
කුමාර අලකේශ්වර රජතුමා (13 වන අලකේශ්වර)
ගම්පොල රාජධානිය
ක්‍රිව 1391 - ක්‍රිව 1391
කුමාර අලකේශ්වර රජතුමා (13 වන අලකේශ්වර)ගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kumara Alakeshwara (Alakeshwara xiii) රාජ්‍ය නාමය : කුමාර අලකේශ්වර රජතුමා (13 වන අලකේශ්වර)
රාජවංශය : අලකේශ්වර
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1391 - ක්‍රිව 1391

රයිගම එකළොස්වන අලකේශ්වර හෙවත් ප්‍රභූරාජගේ මරණයෙන් පසු ව ඔහුගේ බාල පුතු කුමාර     අලකේශ්වර රයිගම රාජ්‍යත්වයට පත්විය. නමුත් අලකේශ්වර පරම්පරාවේ රාජ්‍යත්වය රැගෙන ආවේ මාතෘ මූලික ක්‍රමයට වීම නිසා මෙම කුමාර අලකෙශ්වරගේ පත්වීමට අලකේශ්වර පවුල තුළ ම ගැටළු පැන නැගු‚. එකළොස්වන අලකේශ්වර රජුගේ නැග‚යගේ බාල පුතු වූ වීර    අලකේශ්වර, කුමාර අලකේශ්වර පන්නා දමා රාජ්‍යත්වය  පැහැර ගන්නා ලදී. මෙම රජු පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ඉතිහාසයේ සඳහන් නොවෙයි. එකළොස්වන අලකේශ්වර ක්‍රි.ව.1382 - 1387 කාලය ඇතුළත මරණයට පත් වූ බව සඳහන් වන අතර එතැන් සිට ඔහු තම සහෝදරයා වන පස්වන බුවනෙකබාහු මහරජුගේ මරණයට පත්වන තෙක් එහි රාජ්‍යත්වය උසුලන්නට ඇතැයි සිතිය හැක. එසේ නොමැති නම් එකළොස්වන අලකේශ්වර මරණයට පත්වීමත් සමග ම කුමාර අලකේශ්වර කුමරු ද පන්නා දමා වීර අලකේශ්වර රජකම පැහර ගන්නට ඇත. මාතෘ මූලික රාජ්‍යත්වය හිමිවීම තුළ එකළොස්වන අලකෙශ්වරගේ පුතුට (කුමාර අලකේශ්වර) නොව එය හිමිවිය යුත්තේ සහෝදරියගේ පුත්‍රයාට බවට (වීර අලකේශ්වර) පිළිගැනීමක්ද තිඛෙන්නට ඇත.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්