තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
68
සෝත්තිසේන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 432 - ක්‍රිව 432
සෝත්තිසේන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Soththisena රාජ්‍ය නාමය : සෝත්තිසේන රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 432 - ක්‍රිව 432

වසභ රජුගෙන් ආරම්භ වූ පළමුවන ලම්බකර්ණවංශික රජ පරපුරේ නිශ්චිත අවසන් පාලකයා වූ මහානාම රජුගෙන් පසු රජ පවුලේ අභ්‍යන්තර වියවුලක් ඇති විය. මහානාම රජුට අන්‍යතර දේවියකගෙන් ලත් සොත්ථිසේන නම් කුමාරයෙක් විය. ඔහුගේ මව දෙමළ කාන්තාවක බව මහාවංසය සඳහන් කර ඇත. රජුගේ මෙහෙසියට ලැබුණු දියණියක්ද වූවා ය. ඇය සංඝා නම් වූවා ය. නීත්‍යානුකූලව රාජ්‍යය හිමි විය යුත්තේ ඇයට වුව ද පියරජු මියයාමෙන් පසු වහා ක්‍රියාත්මක වූ සොත්ථිසේන රජකම භාරගත්තේ ය. එහෙත් මේ අවස්ථාවෙහි එඩිතරව ඉදිරිපත් වූ සංඝා කුමරිය රජ වූ දින ම ඔහු මරා සිය සැමියා වූ ඡත්තගාහකට රජකම පැවරුවා ය.
 
සොත්ථිසේන රජුගේ නම රාජරත්නාකරය දක්වන්නේ සෙන්ගොත් රජ වශයෙනි. මේ යුගයේ සමහර රජවරුන්ගේ භාර්යාවන් ලෙස ද්‍රවිඩ කාන්තාවන් සිටි බවට වංසකථා තොරතුරු දක්වයි. අභයනාග කුමරු දකුණු ඉන්දියාවෙන් කුලී හමුදා ගෙන්වා ගැනීමෙන් පසු මේ සිරිත ඇති වූ බව පෙනේ. එහෙත් එය විරල වශයෙන් සිදුවී ඇත. සොත්ථිසේන රජුගේ රාජ්‍ය කාලය එක් දිනකටත් අඩු විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්