තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
192
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1747 - ක්‍රිව 1782
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Keerthi Sri Rajasingha රාජ්‍ය නාමය : කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
රාජවංශය : නායක්කාර
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1747 - ක්‍රිව 1782

ශ්‍රී විජය රාජසිංහ මහරජුගේ ඇවෑමෙන් ඔහුගේ බිසවගේ සහෝදරයාට රාජ්‍යත්වය හිමිවිය. උඩරට රාජධානිය හිමිවන විට කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු, වයස අවුරුදු 13ක් පමණ වූ කුඩා දරුවෙකි. ඒ නිසා ම උඩරට රදළයින්ගේ බලය තව තව වැඩිවු‚. 
 
බුදුදහම වැළඳගෙන බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් මෙතුමා විසින් කරන ලදී. එය වසර ගණනාවකට පසු ව රජකෙනෙකු බුදු සසුන වෙනුවෙන් දැක්වූ ප්‍රශංසා සහගත දායකත්වයක් ලෙස හැඳින්විය හැකි ය. ශ්‍රී විජය රාජසිංහ මහරජුට නොහැකිවූ උපසම්පදා කර්මය සිදුකොට නැවත වරක් රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට රජතුමා උත්සාහ දැරී ය. මල්වතු හා අස්ගිරිය දෙපාර්ශවය ප්‍රතිසංවිධානය කොට ඒ සඳහා වැලිවිට සරණංකර     හිමියන්ගේ උපදෙස් පරිදි නායක හිමිවරුන් පත්කළේ ය. කෙතරම් බුදු සසුන වෙනුවෙන් වැඩ කළත් රදළයන් දිනා ගැනීමට මහරජු අපොහොසත්විය. ක්‍රි.ව. 1782 දී අශ්වයා මතින් වැටී ඇති වූ තුවාල හේතුවෙන් මහරජු මියයන විට උඩරට රාජධානියේ අභ්‍යන්තර වියවුල් ඉතාමත් උත්සන්න තත්වයකට පත්ව තිබිණි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්