තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
136
7 වන කස්සප රජතුමා (කේශධාතු කාශ්‍යප)
රුහුණු රාජධානිය
ක්‍රිව 1054 - ක්‍රිව 1055
7 වන කස්සප රජතුමා (කේශධාතු කාශ්‍යප)ගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kesadhathu රාජ්‍ය නාමය : 7 වන කස්සප රජතුමා (කේශධාතු කාශ්‍යප)
රාජවංශය : නොදත්
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1054 - ක්‍රිව 1055

ලෝකේශ්වර සෙනෙවියා මරණයට පත්වීමෙන් පසු පාලනය භාරගත්තේ කවරෙක්ද? යනු පැහැදිලි නොවේ. එහෙත් විජයබාහු රජුගේ මූලික ප්‍රවෘත්ති ප්‍රකාශ කරන මහාවංසය, කේශධාතු නායක කාශ්‍යප නම් අයකු කතරගම සිට රෝහණයේ පාලනය ගෙනගිය බව සඳහන් කරයි. එනිසා පැහැදිලි වන්නේ ලෝකේශ්වර සෙනෙවියාගේ අභාවයෙන් හිස්වූ තැනට කේශධාතු නායක කාශ්‍යප පත්වූ බවයි. මොහු ගැනද විස්තරයක් ලේඛනවල සඳහන් වී නැත. කාශ්‍යප රෝහණයේ පාලනය ගෙනයන බව දැනගත් සොළීහු ඔහුට විරුද්ධව සටනට පැමිණියහ. මේ වනවිට බලවත්ව සිටි නොවී කේශධාතු නායක තෙමේ ඔවුන්ට විරුද්ධව සටන් කළේ සොළී සෙනග පලවා හැර රක්ඛපාසාණ (රක්වාන) සීමා දක්වා බලය පතුරුවා ආරක්‍ෂා විධිවිධාන සලසා කතරගමට ගියේය. ඔහු ලැබූ ජයෙන් ඔද වැඩී සිටි බව මහාවංසය කියයි. කීර්ති (විජයබාහු) කුමරුගේ පක්‍ෂයට කේශධාතුනායක විරුද්ධව සිටි බව පෙනේ. මහජනතාවද ඔහුට අවනත කුමාරයාගේ පක්‍ෂය ගත්තේය. මෙයින් පැහැදිලි වන්නේ නිසි නායකත්වයක් නැතිව සිටි රෝහණ ජනතාව සොළීන්ට විරුද්ධව ආ ඕනෑම නායකයකු වටා තාවකාලිකව එක් වුවද නීත්‍යානුකූල නායකයෙකු හමුවේ ඔහුට සහාය වීමට පෙරමුණ ගත් බවයි. කාශ්‍යප, කීර්ති කුමාරයාට එරෙහිව සේනාව ගෙන සිප්පත්‍ථල නම් පෙදෙසට පැමිණි නමුත් සටන් කිරීමට නොහැකිව ඛදිරංගණියට පලා ගියේය. කීර්ති කුමාරයා කතරගමට ගියේය.
 
ඉහත සඳහන් සිද්ධි සිදුවෙද්දී පලාගොස් සිටි කේශධාතු නායකයා සේනාව ගෙන කුමාරයාට විරුද්ධව කතරගමට ළඟා විය. මෙහිදී ඇති වූ යුද්ධයේදී කේශධාතු නායකයා මරණයට පත්විය. මහාවංසය දක්වන හැටියට ඔහුගේ පාලන කාලය මාස හයකි. පස්වන මහින්ද රජු සොළීන් විසින් අල්ලාගෙන යාමෙන් පසුව මහජනතාවගේ බලාපොරොත්තුව වූයේ වික්‍රමබාහු කුමාරයා ආරක්‍ෂා කරගෙන අනාගතයේදී රටේ ස්වාධීනත්වය උදෙසා ක්‍රියාත්මක වීමය. එහෙත් අභාග්‍යයකට මෙන් කුමාරයා මියගිය බව අපි දනිමු. මේ නිසා මහජනතාවගේ  බලාපොරොත්තු සුන්වී යාමට මග පෑදුණු නමුදු ඔවුන් කිසියම් ඉලක්කයක් වෙත යොමුවී සිටි බවට සැක නැත. මේ කාරණය දෙයාකාරයකින් විග්‍රහ කළ හැකිවෙයි. පළමුව සොළීන්ගෙන් රෝහණය රැකගෙන තම ස්වාධීනත්වය දිගටම පවත්වා ගැනීමේ අරමුණ රෝහණ වැසියන් තුළ පැවැතිනි. ඒ සඳහා ඔවුහු බලයට එන නායකයන් මගින් එය පවත්වාගෙන යාමට තැත් කළහ. කිත්ති රජුගේ සිට ලෝකේශවර සෙනෙවි දක්වා නායකත්වයන්ට ඔවුන් සහාය දුන්නේ එහෙයිනි. සොලීන් වරින් වර රෝහණයට කඩාවදින විට ඔවුන්ට මුහුණ දීමට තමන්ගේ ප්‍රබලයෙකු අනිවාර්යෙන්ම අවශ්‍යව තිබුණේය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ නායකයන් පිළිගත්තේ ඒ නිසායයි සැලකිය හැකිය. එබඳු හැම අවස්ථාවකදී ම ජනයා නායකයා වටා එක් රොක්වී සිටි බව පෙනේ. එහෙත් බලකාමය නිසා නායකයන් අතර ජාතික අරමුණු අරභයා එකමුතු බවක් නොවීය. මේ නිසා නායකයන් සමහරෙකු සොළීන් අතින් මරණයට පත් වූ අතර සමහරෙක් ඔවුනොවුන් මරණයට පත්කරමින් බලය ලබා ගැනීමට ක්‍රියා කළේය. සොළීන්ගෙන් සිදුවූ හානිය මෙන්ම මේ නායකයන් අතර වූ අරගල නිසා සොළීන් පළවා හැරීමට තිබූ ශක්තිය දුර්වල විය. යුද නිසා ජනතාව මියගිය අතර ධන හානියද සිදුවිය. විශේෂ ආර්ථික සංවර්ධනයක් ඇති වූ බවක්ද නොපෙනේ. දෙවනුව රජරටෙහි පැවැති සොළී පාලනයත්, සොළීන් වරින් වර රෝහණයට කඩා වැදීමත්, ඒ අතර රෝහණයේ සිටි ජනනායකයන් අතර පැවැති බල අරගලයන් නිසා ජනතාව හැම ම මිරිකී විපතට වැටී සිටියේය. එහෙත් සියලු ක්‍රියාමාර්ගයන් තුළින් ජාතියේ ස්වාධීනත්වය රැක ගැනීම පිණිස ඔවුන් යහපත් පාලකයෙකු ප්‍රාර්ථනා කරමින් සිටියාට නම් සැක නැත.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්