තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
156
3 වන විජයබාහු රජතුමා
දඹදෙනිය රාජධානිය
ක්‍රිව 1232 - ක්‍රිව 1236
3 වන විජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijayabahu III රාජ්‍ය නාමය : 3 වන විජයබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : දඹදෙනිය රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1232 - ක්‍රිව 1236

කාලිංග මාඝගේ කෘෘර පාලනය රජරට පවතිද් දී රටේ අනෙකුත් ප්‍රදේශ වල ස්වාධීන පාලනයන් ඒ ඒ ප්‍රදේශ වලට අයත් රජවරු ඒ ඒ ප්‍රදේශ පාලනය කළ බව වංසකතාවල සඳහන් වේ. ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ මායා රට පාලනය කළ තුන්වන විජයබාහු මහරජතුමා ය. මෙතුමාගේ පරම්පාරාව පිළිබඳ ව විස්තර වංසකතාවල ඇතුළත් නොවුවත් මෙතුමා ශ්‍රී සංඝබෝධි රාජ වංශයෙන් පැවත එන බව මහාවංස කතුවරයා සඳහන් කර ඇත. මුළු මායා රට ම දෙමළ    පාලනයෙන් මුදවා ස්වාධීන රාජ්‍යක් ලෙස පවත්වාගෙන යාමට මෙම රජුට හැකිවිය. රට හැර ගිය සියලු භික්ෂූන් වහන්සේලා නැවත මව් රටට වැඩම කොට මාඝ විසින් ධර්මය අඩංගු     බොහෝ පොත්පත් විනාශ කළ බැවින් නැවත එම දහම් කරුණු පොත්පත්වල ලියවීය. ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ ලියවීම මෙම රජු විසින් කරන ලද සාසනික සේවාවන් අතුරින් ප්‍රධාන ස්ථානයක් ගනී. තව ද දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේලා සඟවා තිබූ ස්ථාන වලින් සොයාගෙන දඹදෙ‚යට වැඩම කොට ඛෙලිගල ඉතාමත් අලංකාරවත් දළදා මැදුරක් තනවා පුද පූජා පැවැත්වීය. භික්ෂූන් සමගි කරවා උපසම්පදා කර්ම ක්‍රමවත්ව පවත්වාගෙන යාමට රාජ අනුග්‍රහය ලබාදෙන ලදී. විජය සුන්දරාරාමය නම් වූ අලංකාරවත් විහාරයක් කරවූ රජු විනාශ වී ගිය බොහෝ වෙහෙර විහාර පිළිසකර කරන ලදී. මහලූ වියට පත්වූ රජු මහාසංඝරත්නයේ ද ආශිර්වාදය ඇති ව තම වැඩිමහල් පුතු පරාක්‍රමබාහු කුමරුට රජකම පවරන ලදී. මෙතුමා දඹදෙ‚ය රාජධානියේ පළමු රජු ලෙස ඉතිහාසයට එක්වෙයි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව 
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්