තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
191
ශ්‍රී විජය රාජසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1739 - ක්‍රිව 1747
ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Sri Wijaya Rajasingha රාජ්‍ය නාමය : ශ්‍රී විජය රාජසිංහ රජතුමා
රාජවංශය : නායක්කාර
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1739 - ක්‍රිව 1747

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජුගේ ඇවෑමෙන් රජ කම හිමි වූයේ රජුගේ බිසවගේ සහෝදරයාට ය. එය මෙතෙක් රාජ්‍ය උරුමය ලැබූ ක්‍රියාපිළිවෙතට කිසිවිටකත් එකඟ නොවේ. පියාගෙන් හෝ රජුගේ සහෝදරයාට හෝ රජුගේ සහෝදරියගේ පුත්‍රයාට මෙතෙක් රජකම ලැබීමේ ක්‍රමවේදය විය. මෙම කිසිම නීතියකට අදාළ නොවූ බිසවගේ සහෝදරයාට රජකම හිමිවීම ශ්‍රී විජය රාජසිංහ මහරජුවීමෙන් සිදුවිය. මේ අනුව මෙතෙක් පැවති සිංහල රාජවංශය නායක්කාර පෙළපතට හිමිවිය.
 
කෙසේ නමුත් කුඩා කළ සිට ම බෞද්ධ පරිසරයක හැදී වැදුණු ශ්‍රී විජය රාජසිංහ මහරජු, ඔහුගේ ගුරුවරයා වුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ය. උන් වහන්සේගේ සෙවනේ රැඳුනු මහරජු සිංහල බෞද්ධ සිතුම් පැතුම් වලට ගරු කළේ ය. විදේශීය රටකින් උපසම්පදා භික්ෂූන් රැගෙන විත් මෙහි නැවත උපසම්පදා කර්මය සිදුකිරීමට මහරජු දෙවරක් උත්සාහ කළ ද එය අසාර්ථක විය. මේ වන විට උඩරට රදළ බලය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී අතර සිංහල රදලයන් වෙත විශාල වූ බලයක් වර්ධනය වෙමින් පැවතිණ. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්