තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
187
සෙනරත් රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1604 - ක්‍රිව 1635
සෙනරත් රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Senarat රාජ්‍ය නාමය : සෙනරත් රජතුමා
රාජවංශය : විමලධර්මසූරිය
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1604 - ක්‍රිව 1635

පළමුවන විමලධර්මසූරිය මහරජුගේ පුතුන් හතර දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොසින් තිබීම හා සෙසු දරුවන් ඉතා කුඩා අවදියේ සිටීම නිසා රජු ඔහුගෙන් පසු ව රජකම ලබා දීමට තම සුළු මවගේ පුත්‍රයා ගෙන්වා ගන්නා ලදී. ඒ වනවිට සසුන් ගත වී සිටි තම ඥාතී සහෝදරයාගේ සිවුරු හැර ගෙන්වා ඔහුට රජෙකුට අවශ්‍ය සියලූ ම අධ්‍යාපනය ලබා දෙන ලදී. දරුණු උණ රෝගයක් හේතුවෙන් පළමුවන විමලධර්මසූරිය මහරජු මරණයට පත්වීමෙන් පසු ව සේනාරත්න කුමරු උඩරට රජවිය. තම ඥාතී සහෝදරයාගේ බිසව් වූ කුසුමාසන දේවිය තම බිසව ලෙස විවාහ කරගත් අතර ඔහුගේ දරුවන් දෙදෙනා හා දිය‚ය ද හදාවඩා ගත්තේ ය. ඉන්පසු ව උඩරටට එල්ල වූ පෘතුග්‍රීසි ආක්‍රමණ ඉතා සාර්ථක ලෙස පාලනය කළ අතර ක්‍රි.ව. 1630 පෘතුග්‍රීසීන් සමූල ඝාතනයකට ලක්කළ රන්දෙ‚වල සටන ඉන් ප්‍රධාන තැනක් ගනී. පසු කලෙක තම පුත්‍රයා හා ඥාත සහෝදරයාගේ පුතුන් බලය ලබාගැනීමට ගැටුම් ඇතිකර ගනීවියයි සිතූ සෙනරත් මහරජු, පුතුන් අතරේ රාජ්‍ය පාලනය ඛෙදා දෙන ලදී. ඒ අනුව කුමාරසිංහ අස්ථාන කුමරුට ඌව ප්‍රදේශයත් විජයපාල අස්ථාන කුමරුට මාතලේ ප්‍රදේශයත් තම පුතු දේවරාජසිංහ කුමරුට සෙංකඩගල ප්‍රදේශයත් බාරදෙන ලදී.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්