තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
157
2 වන පරාක්‍රමබාහු රජතුමා
දඹදෙනිය රාජධානිය
ක්‍රිව 1236 - ක්‍රිව 1272
2 වන පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakramabahu II රාජ්‍ය නාමය : 2 වන පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : දඹදෙනිය රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1236 - ක්‍රිව 1272

තුන්වන විජයබාහු මහරජතුමා තම වැඩිමහල් පුතු වූ පරාක්‍රමබාහු කුමාරයාට රජකම බාර දීමෙන් පසු දඹදෙ‚ය රාජධානියේ රාජ්‍යත්වයට පරාක්‍රමබාහු කුමාරයා අභිෂේක ලැබීය. මෙම රජු දෙවන පරාක්‍රමබාහු රජු ලෙස හැඳින්වෙයි. කාලිංග මාඝ කෘෘර පාලනයෙන් රට මුදවාගත්    ඉතිහාසයේ මහත් වූ ආඩම්බරයෙන් සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨ රජකෙනෙකුගේ ආගමනය මෙසේ සිදුවිය. රාජ්‍යත්වය ලැබීමත් සමගම දළදා වහන්සේ දඹදෙ‚යට වැඩම කරවා මහා සත්‍යක්  ක්‍රියාවක් කළේය. ද්‍රවිඩයන් නසා රට එක්සේසත් කරමි යැයි සපත කළ සිටියේ ය. 
 
රජුගේ එඩිතර සිංහල සේනාවට බියෙන් මාඝ රජුගේ දෙමළ සේනාව බියෙන් ඇලලී ගියේ ය. ඔවුනට පරාක්‍රමබාහු මහරජුගේ සේනාවට මුහුණ දිය නොහැකියි සිතා කඳවුරුවලින් පැනගියහ. අවසානයේ දී කලා වැවේ දී සිංහල සේනාවට මුණ ගැසුණු මාඝ රජුගේ සේනාව විනාශ විය. ඉතිරි වූ සේනාව උතුරට පැන ගියේ ය. වසර 21ක් පමණ අපමණ දුක් විඳි රජරට ජනතාව දුකින් මුදවා ගෙන මාතෘභූමිය එක්සේසත් කිරීමට දෙවන පරාක්‍රමබාහු මහරජතුමාට හැකිවිය. රජුගේ එකොළොස්වෙනි වර්ෂයේ දී —චන්ද්‍රභානු˜ රජුගේ ආක්‍රමණය ද සාර්ථක ව පාලනය කිරීමට රජුට හැකිවිය. චන්ද්‍රභානු රජු මලය අර්ධ ද්වීපයේ තාම්‍රලිංග දේශයෙන් පැමි‚ බව සඳහන් වේ. පරාක්‍රමබාහු මහරජුගේ බෑනා වූ වීරබාහු කුමරු මෙම සටනේ මූලිකත්වය ගෙන තිබේ. සටනින් පරාජයට පත් වූ චන්ද්‍රභානු පලා ගියේ ය.
 
මේ රජ දවස එල්ල වූ මීළඟ ආක්‍රමණය වූයේ පළමුව පරාජයට පත් වූ ජාවක චන්ද්‍රභානු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමයි. පාණ්ඩ්‍ය අධිරාජයාගෙන් උදව් ලබා ගත් දෙවන පරාක්‍රමබාහු මහරජු ක්‍රිස්තු වර්ෂ 1261 දී චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත් කළේය. මෙයට හිලව් වශයෙන් පාණ්ඩ්‍ය    අධිරාජයා ජාවක රජුගේ පුතකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බව සෙල් ලිපිවල සඳහන් වේ.
 
අනතුරුව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ පරාක්‍රමබාහු රජු සමාජ, සංස්කෘතික මෙන්ම ආගමික ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කළේ ය. වසර ගණනක් පුරා විනාශ වී ගිය ආගමික  සිද්ධස්ථාන නැවත ගොඩනැංවීය. ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු මහරජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාත්‍යවරයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු මහරජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු රජ නමින් ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් විය.
 
රාජ සභාවේ ප්‍රධාන නිලධාරීන්
 
  • යුව රජු
  • සෙනෙවිරත්
  • ඈපා
  • සමන්ත රාජ
  • මුදලිනායක
  • සේනානායක
  • ඒකනායක
  • දිසානායක
  • අධිකරණ නායක
  • අර්ථනායක
  • ගජනායක
  • රටනායක
  • මාපා
  • මහ වියත්නා
  • බදුනායක
  • දහම්පසක්නා
  • කිලිනා
  • සිටුනා
  • මහ නැකත්නා
  • මුලහිනා
  • මහ වෙදනා
  • දහම්ගෙයිනා
  • සිඟනා
  • මහ වෙළෙඳනා
  • අරක්මේනා
  • භාණ්ඩාගාර නායක
  • සමන්ත නායක
  • කපුනා
  • මහදොරනා

රජතුමාගේ දින චර්යාව (සංස්කරණය කරන ලද සිංහල පෙළ)

පෙ.ව. 4.00 – අවදි වීම

පෙ.ව. 4.00 – පෙ.ව. 5.12 – භාවනා කිරීම

පෙ.ව. 5.12 – පෙ.ව. 6.00 – ධර්ම පාඨ හා ගාථා ආවර්ජනය කිරීම

පෙ.ව. 6.00 – හිරු උදාව

පෙ.ව. 6.00 – පෙ.ව. 7.00 – ශරීර සෞඛ්‍ය පරීක්ෂා කිරීම, පුරෝහිත උපදෙස් ලබා ගැනීම සහ ශරීර කෘත්‍යයන් ඉටු කිරීම.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම, දළදා පූජාව පැවැත්වීම, සිල් සමාදන් වීම, ධර්ම ග්‍රන්ථ බෙදා දීම, ධර්මය ශ්‍රවණය කිරීම සහ පරිත්‍යාග ලබා දීම.

පෙ.ව. 7.00 – පෙ.ව. 8.12 – ආගමික කටයුතු හා සත්ව කරුණාව

පෙ.ව. 8.12 – මාළිගයට පැමිණීම

පෙ.ව. 8.12 – පෙ.ව. 9.00 – උදෑසන රාජභෝජනය ගැනීම, ඇඳුම් පැළඳුම් සකස් කර ගැනීම, දානශාලාවේ හා භාණ්ඩාගාරයේ වාර්තා පරීක්ෂා කිරීම

පෙ.ව. 9.00 – සිංහාසනාරූඪ වීම

පෙ.ව. 9.00 – පෙ.ව. 10.00 – රාජ සභාවේ කටයුතු

පෙ.ව. 10.00 – පෙ.ව. 10.48 – අවි සරඹ පුහුණුව

පෙ.ව. 10.48 – දවල් භෝජනය සඳහා සුබ වේලාව දැන්වීම

පෙ.ව. 11.00 – දහවල් 12.00 – භික්ෂූන් සියනමකට දානය පිළිගැන්වීම

දහවල් 12.00 – ප.ව. 1.00 – දිවා භෝජනය ගැනීම සහ සක්මන් කිරීම

ප.ව. 1.00 – ප.ව. 2.00 – විවේක ගැනීම

ප.ව. 2.00 – ප.ව. 3.00 – විනෝද වීම

ප.ව. 3.00 – සිංහාසනාරූඪ වීම

ප.ව. 3.00 – ප.ව. 5.00 – වාර්තා ඉදිරිපත් කිරීම හා අනුමත කිරීම

ප.ව. 5.00 – ප.ව. 6.00 – ස්නානය කිරීම

ප.ව. 6.00 – ප.ව. 6.24 – බුදුන් වැඳීම

ප.ව. 6.24 – ප.ව. 8.00 – නැටුම්, ගැයුම් හා වැයුම් නැරඹීම

ප.ව. 8.00 – ප.ව. 9.00 – රාත්‍රී රාජභෝජනය අනුභව කිරීම

ප.ව. 9.00 – ප.ව. 11.00 – බිසව සමඟ කාලය ගත කිරීම

ප.ව. 11.00 – රාත්‍රී 12.00 – සරඹවල යෙදෙමින් මාළිගාවේ රාත්‍රී මුර සේවා පිළිබඳ සොයා බැලීම හා උපදෙස් ලබා දීම

රාත්‍රී 12.00 – පෙ.ව. 4.00 – නිදා ගැනීම

සටහන:
මෙය එම යුගයේ රචිත Kandavuru Siritha (කඳවුරු සිරිත) නම් ග්‍රන්ථය ඇසුරින් උපුටා ගන්නා ලදී. හිරු උදාව උදෑසන 6.00 ට සිදුවන බව උපකල්පනය කර ඇති අතර, ඇතැම් වේලාවන් ගණනය කිරීමෙන් හා උපකල්පනය කිරීමෙන් දක්වා ඇත.

 
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්