තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
184
රාජසූරිය රජතුමා
සීතාවක රාජධානිය
ක්‍රිව 1593 - ක්‍රිව 1593
රාජසූරිය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Rajasooriya රාජ්‍ය නාමය : රාජසූරිය රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : සීතාවක රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1593 - ක්‍රිව 1593

රාජාවලිය පවසන්නේ පළමුවන රාජසිංහ මහරජුගේ මර‚න් පසු එල්ලාවල සිටි පැමි‚ රාජසූරිය නම් කුමාරයෙක් රජකම බාරගත් බව ය. මොහු පළමුවන රාජසිංහ මහරජුගේ මුණුපුරෙකු ලෙස හඳුන්වා දී ඇත. රාජාවලිය සඳහන් කරන්නේ රාජසූරිය කුමරු රජ වූ පසු පැමි‚ විමලධර්මසූරිය රජු සීතාවක බලය අත්පත් කරගත් බවයි. 
 
නමුත් අලකේශ්වර යුද්ධය හා කේරෝස් කරන විස්තරය අනුව පළමුවන රාජසිංහ මහරජුගේ මර‚න් පසු ව ඔහුගේ වැඩිමල් සහෝදරිය වූ බිසෝ බණ්ඩාර දේවිය ඇයගේ මුණුපුරා වූ නිකපිටියේ බණ්ඩාර රජ කළ බවයි. 
 
ඇතැම් මුලාශ්‍ර වල රාජසූරිය යනු නිකපිටියේ බණ්ඩාර ලෙස හඳුන්වා දී ඇත. එනම් පළමුවන රාජසිංහ මහරජුට පසුව රජුගේ දිය‚යගේ පුත්‍රයා වූ රාජසූරිය රජ වූ බවත් ඉන් අනතුරුව පළමුවන විමලධර්මසූරිය රජ වූ බවත් සඳහන් වේ. පළමුවන රාජසිංහ මහරජු මැරවීමේ කුමන්ත්‍රණය, මෙම රාජසූරිය කුමරු කළ බව ද, පළමුවන රාජසිංහ මහරජුට  විෂ බැන්ඳ වූ  දොඩම්පේ ග‚තයාගේ දිය‚ය වූ මල්වතී නමැත්තිය සමග රාජසූරිය කුමරු සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත් නමුත් පළමුවන රාජසිංහ මහරජු මල්වති තරු‚ය බලෙන් ගෙන ගොස් බිසව් තනතුරේ තැබීමට පලිගැනීමක් ලෙස සිදු කළ බවත් ඇතැම් මුලාශ්‍රවල සඳහන් වේ. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්