තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
134
පරාක්‍රම පණ්ඩු රජතුමා
රුහුණු රාජධානිය
ක්‍රිව 1046 - ක්‍රිව 1048
පරාක්‍රම පණ්ඩු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakrama Pandu රාජ්‍ය නාමය : පරාක්‍රම පණ්ඩු රජතුමා
රාජවංශය : පාන්ඩ්‍ය
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1046 - ක්‍රිව 1048

ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලදින් අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයා යි. සිය පියා ජගත්පාල රජු සමග පැවැති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැඟවී යන්නට ඇත. ඔහු විදේශ රටකට ගිය බවක් සඳහන් නොවේ. ජගත්පාල රජුගෙන් පසු රජකමට පත් වූ පරාක්‍රම දෙවර්‍ෂයක් රෝහණය පාලනය කළ පසු සොලීහු ඔහුද අල්ලා මැරූහ.
 
මුලින් අවස්ථාවක පෙන්වා දුන් අන්දමට මණීමංගලම් ලිපියෙහි සොළීන්ගෙන් විනාශ වුණු ශ්‍රී වල්ලභ මදන රාජ නම් අයකු ගැන කියැවෙයි. සිංහල ලේඛනවල එබඳු නමක් නොදැක්වේ. එහෙත් මහාවංසය දක්වන පරාක්‍රම (පාණඩ්‍ය) රජු මෙයින් අදහස් කරතැයි පැහැදිලි කර ඇත. වික්‍රමපාණඩ්‍ය හා පරාක්‍රම පාණ්ඩ්‍ය, පාණ්ඩ්‍ය වංශිකයන් බවට සැක නැත. සොළීන්ගෙන් පහර වැදුණු පාණඩ්‍ය කුමාරවරුන් සිංහලයන් සමග මිත්‍රව සිටින්නට ඇති බවත් ලංකාවේ සොලීන් මැඩීමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති බවත් පෙනේ.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්