තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
131
මහලාන කිත්ති සෙනෙවි
රුහුණු රාජධානිය
ක්‍රිව 1040 - ක්‍රිව 1042
මහලාන කිත්ති සෙනෙවිගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Mahalana Kiththi රාජ්‍ය නාමය : මහලාන කිත්ති සෙනෙවි
රාජවංශය : පාන්ඩ්‍ය
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1040 - ක්‍රිව 1042

කිත්ති රජු මරා රජකම පැහැර ගන්නා ලද්දේ මහලාන කිත්ති නම් අයෙකි. සිංහල ග්‍රන්ථවල ඔහු මහලේ රජ ලෙස සඳහන් කර තිබේ. මහත් බලයක් ඇතිව විසීයැයි මහාවංසය දක්වතත් හේ කාගේ කවරෙකුද? යනු කිසිතැනෙක සඳහන් වී නැත. එහෙත් මහාලාන කිත්ති රජ සොළී පාලනයෙන් රට මුදවා ගැනීමට ප්‍රයත්න දරන ලද අයෙකි. වරක් සොළීන් සමග සටනට ගොස් ජයගත නොහැකි බැවින් ඔවුන් අතින් මිය යාමට වඩා යෝග්‍යයැයි සිතා හෙතෙම සියතින් ගෙල සිඳගෙන මළේය. සොළී සේනාව මේ අවස්ථාවෙහි වික්‍රමබාහු රජු විසින් පිළියෙළ කරන ලද ඔටුන්න ආදී සියලු වස්තු පැහැර ගන්නා ලදුව සොළී රජු වෙත යැවීය.
 
රාජාධිරාජ සොළී රජුගේ සෙල්ලිපියක ඔවුන් අතින් මරණයට පත් වූ මාණාභරණ නම් කෙනෙකු ගැන දක්වා තිබේ. සිංහල ලේඛනවල එබඳු නමක් සඳහන් වී නැත. එහෙත් මාණාභරණ යනු අපේ ලේඛනවල සටහන් කර ඇති මහලාන කිත්ති හැටියට හඳුනා ගැනීමට පුළුවන. කිත්ති හා මහලාන කිත්ති යන රජවරු සිය පාලනය කරගෙන ගියේ රෝහණයෙහි කිනම් මධ්‍යස්ථානයක සිට දැයි පැහැදිලි නැත. රෝහණ රාජ්‍යයේ මුල්බිම හැටියට සැලකූ මාගම මේ වනවිට නටබුන් නගරයක් බවට පත්ව තිබිණ. එබැවින් මේ රජවරුන් මධ්‍යස්ථානය වශයෙන් කතරගම පවත්වාගෙන යන්නට ඇතැයි සැලකේ.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්