තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
181
දොන් ජුවන් ධර්මපාල රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1551 - ක්‍රිව 1597
දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Don Juwan Dharmapala රාජ්‍ය නාමය : දොන් ජුවන් ධර්මපාල රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1551 - ක්‍රිව 1597

තම මවගේ පියා වූ හත්වන බුවනෙකබාහු මහරජතුමා වෙඩි වැදී මියයාමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල කුමරු කෝට්ටේ අභිෂේක කරවීය. මෙම රජු හඳුවන්වනු ලැබුවේ දොන් ජුවන් පෙරිය බණ්ඩාර ලෙස ය. කෝට්ටේ රජු වුව ද ඔහුට පාලනය කිරීමට රාජ්‍යක් නොවීය. ඔහු පෘතුග්‍රීසීන්ට නැටවෙන රූකඩයක් බඳුවිය. ක්‍රිව. 1557 දී මෙම රජු කතෝලික ආගම වැළඳ ගැනීමත් සමග ම බොහෝ සිංහල ප්‍රභූවරුන් මොහුගේ රජකම පිළිගැනීමට මැලිවිය. බොහෝ සංඝයා වහන්සේලා කෝට්ටේ හැරදා ගියහ. මේ හේතුවෙන් සංඝයා වහන්සේලා ඇතුළු කෝට්ටේ ජනතාව    කැරැල්ලක් ඇති කළහ. ඉතාමත් දරුණු ආකාරයට පාලනය කර පෘතුග්‍රීසීන් ස්වාමීන් වහන්සේලා තිස්නමක් එල්ලා මැරූහ. 
 
දිගින් දිගටම සීතාවක රාජධානිය හා සටන් වැදීමට සිදුවීම නිසා රජු කෝට්ටේ අතහැර  කොළඹ කොටුවට  ගියහ. කතෝලික  ජනතාව, රජු අතහැර ගියේ ය. ඔහු අවසානයේ ක්‍රි.ව. 1580 අගෝස්තු මාසයේ හත්වන බුවනෙකබාහු මහරජුට  තිබූ ලංකා රාජ්‍ය පෘතුගාලයට පැවරීය. මහනුවර, ඌව සහ යාපනය හැරුණු කොට රටේ අනෙකුත් සියලුම ප්‍රදේශ පෘතුගාලයට අයිති විය. ක්‍රි.ව. 1597 වන තුරු රජෙකු ලෙස ජීවිතය ගෙනගිය ද ඔහු රජෙකු වූයේ ඔහු වටා සිටි    කිහිපදෙනෙකුට පමණි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්