Thammanna Nuwara
Upatissa Nuwara
Anuradhapura
Anuradhapura Chola
Ruhuna
Polonnaruwa
Dambadeniya
Yapahuwa
Kurunegala
Gampola
Kotte
Sitawaka
Kandy
Portuguese
Dutch
British
Monarch of Ceylon
6
King Ganathissa
Kingdom of Anuradhapura
407 BC - 367 BC

පණ්ඩුකාභය රජු වසර 70ක් රජ කිරීමෙන් පසු ව ඔහුගේ පුත් ගණතිස්ස රජ වූ බවත් ඔහු වසර 40ක් රජ කිරීමෙන් පසු ව ඔහුගේ පුත් මුටසිව රජ වූ බවත් රාජාවලියේ සඳහන් වේ. එනමුදු   මහාවංශයේ එවැන්නක් සඳහන් නොවේ. 
 
—ඔහු පුත් ගණතිස්ස රජ සතලිස්අවුරුද්දක් රාජ්‍යය කළේ ය. ඔහු පුත් මුටතිස්ස රජ මහමෙවුනා උයන කරවා සැටඅවුරුද්දක් රාජ්‍ය කළේ ය.˜
පාදක සටහන - ගණතිස්ස කියා රජකෙනෙකු සිටි බව මහාවංශාදියෙහි නොපෙනේ. විජය රජුගේ අන්තිම කාලයෙහි රජු වෙනුවෙන් උපතිස්ස ඇමතියා රට පාලනය කළ නිසා තිස් අට වර්ෂයට ම එය ඇතුළත් වේ.
 
රාජාවලිය 1923 -  පූජ්‍ය වටුවත්තේ පේමානන්ද හිමි සංස්කරණය 23 වන පිටුව 
 
—පණ්ඩුකාභයට පසු ඔහු පුත් ගණතිස්ස නම් රජෙකු සතලිස් අවුරුද්දක් රාජ්‍ය කළ බව රාජාවලිය සඳහන් කරයි. බෝධිවංශය, රාජරත්නාකාරය යන පොත්වල ද ගණතිස්සගේ නම සඳහන්   වන්නේය. පණ්ඩුකාභය කුමරා රජකම ලබාගැනීම සඳහා මයිලන් සමග යුද්ධ කරන අවධියේ දී අභය රජුට පසු තිස්ස නම් අනෙක් සොහොයුරෙකු රාජ්‍ය ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කළ බව මහාවංශය සඳහන් කර ඇත. මේ තිස්ස නැමැත්තා යට කී වාර්තාවන්හි සඳහන්වන ගණතිස්ස විය යුතු ය.˜
 
රාජාවලිය 1976 - මහාචාර්යය ඒ.වී. සුරවීර 57 පිටුව 

“According to the Sinhalese historians Pandukabhaya must have been 107 years old when he died ∙ for he was 37 years old when he began to reign" and he reigned 70 years. Mutasiva succeeds and reigns 60 years. There is a difficulty in allowing two such long reigns in succession. One writer suggests that there was a reign between the two reigns in question" thus •—
  • Pandukabhaya  - 70 years
  • Ganatissa (son of Pandukabhaya)  - 13 years
  • Mutasiva (son of Ganatissa) = 47 years”
(සිංහල ඉතිහාසඥයන්ට අනුව පණ්ඩුකාභය මිය යන විට වයස අවුරුදු 107ක්  විය යුතුය. මන්ද ඔහු රජකම් කිරීමට පටන්ගත් විට ඔහුගේ වයස අවුරුදු 37 කි. ඔහු අවුරුදු 70ක් රජකම් කළේ ය.  මුටසිව රජු රජ වී අවුරුදු 60ක් පාලනය කරයි. රජවරුන් දෙදෙනෙකුගේ රාජ්‍ය කාලය මෙතරම් දිගුවීමට අපහසුයි.  එක් ලේඛකයෙක් යෝජනා කරන්නේ  රාජ්‍ය තන්ත්‍ර දෙක අතර පාලන සමයක් එහි ඇති බව යි.
  • පණ්ඩුකාභය  - වසර 70
  • ගණතිස්ස (පණ්ඩුකාභය ගේ පුත්‍රයා)  - වසර 13
  • මුටසිව (ගණතිස්සගේ පුත්‍රයා )  - වසර 47)
HISTORY OF CEYLON - ( REVISED AND ENLARGED ) 1933 - L.E. BLAZE
 
කතෘ සටහන 
රාජාවලියේ සඳහන් ගණතිස්ස, හුදෙක් ම වැරදි ලියවීමක් ලෙස පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේදැ යි මා නො දනිමි. කෙසේ වෙතත් මා ගණතිස්ස මහරජතුමා වෙනුවෙන් මගේ පොතේ පිටුවක් වෙන් කළේ ය. රාජාවලියේ සඳහන් පරිදි ගණතිස්ස මහරජතුමා පණ්ඩුකාභය මහරජතුමාගේ පුත්‍රයා ලෙස සලකා සම්බන්දකම් ගොඩනගා ඇත. මින් පසුව රජවූවා යැ යි සැලකෙන මුටසීව මහරජතුමාගේ සම්බන්ධකම් මහාවංශය අනුව ගොඩනගා ඇත¡ 
Home | Era | Colony | Dynasty | Works | The Book | About | Contact
Copyright © www.mahawansaya.com All rights reserved. Copying or unauthorized use is prohibited. 2009 / 2026